Monday, July 11, 2016

කතා කියන රූප රාමු - 02




කතා කියන රූප රාමු -02


රූපයක් රාමු ගත කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. රූපයක් රාමු ගත කර ගැනීමේ රීතී ලෙස ඒවා හදුන්වනවා . ඒ කරුණු පිලිබඳ සැලකිලිමත් වීම තුලින් පෙනුමෙන් හොද තත්වයේ රූප රාමුවක් සකසා ගත හැකියි. සාමාන්‍ය පොදු සම්මතයේ පවතින පිළිගැනීම් නිසා කෙනෙකුට ඒ ගැන නොසලකා ඉන්නත් පුළුවන්. නමුත් වඩා සුදුසු ක්‍රමය වන්නේ සම්මතය දැනගෙන සම්මතයෙන් පිට පැනීමයි.



රූප රාමුගත කිරීම.

SHOT COMPOSITION 


01.   Rule of  Third 





රූප රාමුව සිරස් අතට සමාන කොටස් තුන කට සහ තිරස් අතට කොටස් තුනකට බෙදී යන රේඛා අදිනවා.මේ රේඛා කැපී යන ස්ථාන ආශ්‍රිතව වස්තුව රදවනවා.

එයින් වඩා හොදින් ප්‍රේක්ෂක අවධානය වස්තුව කෙරෙහි රදවා ගත හැකි බවයි පැවසෙන්නේ. බැලූ බැල්මටම එය සුමට පිහිටුවීමක්‌ බව පැහැදිලියි

රාමුව තුළ අදින මේ සිරස් සහ තිරස්  රේඛා ස්වර්ණ රේඛා ( Golden Line) ලෙස ද, එම රේඛා එකින් එක ඡේදනය වන ලක්ෂ ස්වර්ණ ස්ථාන (Golden Point) ලෙස ද  හදුන්වනවා. ස්වර්ණමය වටිනාකමක් ඡේදන ලක්ෂ වලට ලබා දීම වඩාත් අවධානය යොමු කළ යුතු කරුණක්. රාමුව තුළ  රූප රැදවීම පිණිස ඒ ඡේදන ස්ථාන එතරම් වැදගත්. 



02.   Head Rooms 



රූප රාමුවේ ඉහල දාරය සහ වස්තුවේ හිස අතර තබන ඉඩ - හිස අවකාශය (Head Room) ලෙස හඳුන්වනවා.

රාමුව තුළ රඳවන්නේ මිනිස් රූපයක් නම් එහි හිසත් රාමුවත් අතර අවකාශය. කිසියම් අජීවී යමක් නම් එහි මුදුනතත් රාමුවත් අතර ඉඩ,  හිස - අවකාශය වෙනවා. නමුත් එහි ප්‍රමාණය කොපමණද යන්න නිශ්චිතව කියන්නට බැහැ. එය ස්වාධීනව ගත යුතු කලාත්මක තීරණයක්. නමුත් Head Room ප්‍රමාණය පමණ ඉක්මවා නොයා යුතුයි. එවිට  පෙනෙන්නේ වස්තුව රූප රාමුව තුළ ගිලී ගිය බවක්.  

නමුත් අති  සමීප රූප වලදී ( BCU හා  ECU ) වස්තුවේ හිස සහ රාමුව අතර ඉඩක් තැබිය නොහැකි වෙනවා. එවිට ස්වර්ණ රේඛා රීතිය සලකා රූපය රාමු ගත කර හැකියි.


03.   Foot  Rooms



රූප රාමුවේ පහළ  දාරය සහ වස්තුවේ පාද  අතර තබන ඉඩ හදුන්වන්නේ  පාද - අවකාශය (Foot Room)ලෙස.

මධ්‍යම දුර රූපයෙන් පසු (MLS) හමුවන සමීප රූප වල පාද අවකාශය හමු වන්නේ නැහැ. පෙර පරිදිම රූමු ගත කරන්නේ අජීවී යමක් නම් එහි පහල කෙලවර හා රාමුව පහල අතර මේ ඉඩ ඉතිරි කරනවා. 

මෙහිදීත් ප්‍රමාණය පමණ ඉක්මවා නොයන්නට අවශ්‍යයි. එසේ නොවුණු කල රාමුව තුළ කිසියම් අස්වාභාවික බවක් පෙනිය හැකියි.


04.  Looking Space/ Breathing Space




පෙනී සිටින කෙනා බලා සිටින දෙසට රූප රාමුවේ ප්‍රමාණවත් ඉඩක් ඉතිරි කරනවා.එය Looking Space හැදින් වෙනවා. එමෙන්ම එය රාමුවේ සිටින කෙනා හට හුස්ම ගන්නට තිබෙන ඉඩ බඳුයි. එනිසාම ඊට‍ Breathing Space ලෙස ද කියැවෙනවා.


05Walking Space



රාමුව තුල කෙනෙකු ඇවිදින දිසාවට හෝ යමක් ගමන් කරමින් තිබෙන දිසාවට රාමුව තුල ඉතිරි කරන අවකාශය ගමන් - අවකාශය (Walking Space) ලෙස හැදින්වෙනවා.



ඉහත රූපරාමු වලට අදාළ චිත්‍රපටය  සඳහා පිවිසුම .







Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

No comments:

Post a Comment