Tuesday, July 12, 2016

ගල් යුගයෙන් ඩිජිටල් යුගයට... 01




රූපවාහිනී ඉතිහාසය


ආලෝකය (Light)  සහ ශබ්ධය (Sound)   විදුලිය (Electric)  බවට හරවා  ගුවන්විදුලි තරංග ලෙස සම්ප්‍රේෂණය කිරීමත්, එය නැවත ආලෝකය හා ශබ්ධ බවට ප්‍රතිනිෂ්පාදනය කිරීමත්  ඇතුලත් ක්‍රියාවලිය රූපවාහිනී තාක්ෂණය  ලෙස හදුන්වනවා .
සිනමාවෙන් රූපයත් , ගුවන්විදුලියෙන් හඬ හා තාක්ෂණයත් ගෙන රූපවාහිනිය බිහි වූවා යයි කිව හැකියි. ඒ අනුව රූපවාහිනියේ ඉතිහාසය සිනමාවේ ඉතිහාසය ( සහ ඉන් ඔබ්බට ක්‍රිස්තු පූර්ව යුගය ) දක්වා ඈතට විහිද යනවා.



සිනමාවේ ඉතිහාසය 


සිනමාවේදී ආලෝකය භාවිතා කරමින් චලනය  රසායනික පටයක් මත සටහන් කරගැනීමත් , නැවත එය තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමත් සිදුවනවා.

ඒ  පිලිබඳ මිනිසාගේ කුතුහලය  වසර දහස් ගණනක් පැරණියි. අල්තමීරා, ලැස්කෝ ගුහා වල මෙන්ම ශ්‍රී ලංකාවේ කදුරු පොකුණ වැනි ස්ථාන වල අපගේ ආදී මානවයා ඇද ඇති සිතුවම්වල  චලනය ඉස්මතු කරන්නට ගත් උත්සාහයන් හඳුනාගත හැකියි .

                                                                                                                                                        සෙවනැලි නාටක

යම් ආලෝකයක් ඉදිරියේ සෙවනැලි චලනය කර එම රූප පැතලි මතුපිටක් මත පතිත කිරීම මගින් යම් කථාවක් ඉදිරිපත් කරන්න ට අපේ ආදිතමයෝ උත්සාහ දරා තිබෙනවා.  එය චලන චිත්‍ර පිලිබඳ ඉතිහාසයේ පැරණි තම මනුෂ්‍ය ක්‍රියාකාරකම . ක්‍රි.ව.11,12  සියවස් වනවිට එය සංදර්ශන ස්වරූපය දක්වා වර්ධනය වී තිබෙනවා. මේ කළා ප්‍රභේදය චීනය ආශ්‍රිතව බිහිව තිබෙන නිසා චීන සෙවනැලි නාටක ලෙස ප්‍රසිද්ධව තිබෙනවා. 

සෙවනැලි නාටක වලින් පසු සිනමා  ඉතිහාසයේ ඊලගට හමුවන විශේෂිත උපකරණය මැජික් ලන්තෑරුම.


අතින් අදින ලද චිත්‍රයක සෙවනැල්ල පහන්  හෝ ලන්තෑරුම්වල ආලෝකය මගින් බිත්තියක් මත පතිත කිරීම මෙහි තාක්‍ෂණය ලෙස විස්තර කල හැකියි. 

මැජික් ලන්තෑරුමේ  ආලෝකය ඉදිරියෙන් කාචයක් භාවිතා කල බව ද දැක්වෙනවා . ක්‍රි.ව.1644 දී ජර්මන් ජාතික පූජක වරයෙකු වූ ඇතනේශියස් කිර්ෂ (Athanasias  Kircher) රෝමයේ දී මැජික් ලන්තෑරුම් දර්ශන පවත්වා තිබෙන බව සඳහන් වනවා . මැජික් ලන්තෑරුම චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ මූලික අවස්ථාව ලෙස සැලකිය හැකියි. 



චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ තාක්ෂණය වෙනුවෙන් යම් යම් ආදර්ශයන් සපයන ලද ක්‍රීඩා භාණ්ඩ කිහිපයක් ද තිබෙනවා. ක්‍රි.ව. 1826 ඉංග්‍රීසි ජාතික ජෝන් අයටන් පැරිස් විසින් නිපද වූ තර්මට්‍රොප්  උපකරණය එවැන්නක්. 

එක් පැත්තක  කුරුලෙක් සහ විරුද්ධ පැත්තේ හිස් කූඩුවක රූපයක් සහිත දෙපසින් රබර් පටි සම්භන්ධ කල රවුම් කාඩ්බෝඩ් කැබැල්ලකින් එය සමන්විත වනවා. කාඩ්බෝඩ් රවුම කරකවා රබර් පටිය දෙපසට ඇදීමෙන් මේ සරළ  උපකරණය ක්‍රියාත්මක කල හැකියි. එවිට රවුම චලනය වී කුරුල්ලා කූඩුවේ සිටින අයුරු දකින්න්ට ලැබෙනවා .එසේ දකින්නට හැකි වන්නේ  දෘෂ්ටියේ අඛන්ඩතාව නම් සිධාන්තයක් නිසා



ඊට අමතරව ක්‍රි.ව. 1833 විලියම් ඩී. හොර්නර් නිපදවූ  කරකැවෙන සිලින්ඩරයක් සහිත සෝට්‍රොප් උපකරණය, ෆෙනකිස්ටිස්කොප්  ඇතුළු මේ මග ගත් තවත් බොහෝ විනෝදය සැපයූ  ක්‍රීඩා උපකරණ තිබෙනවා. පොදුවේ මේවා දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩ ( Vision Toys ) ලෙස හඳුන්වනවා. නමුත් රූපය කිසියම් මතුපිටක් මත සටහන් කර ගැනීමේ ක්‍රමය බිහිවන්නේ  ඡායාරූපකරණය හරහා. 
Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

7 comments:

  1. ඇත්තටම ගොඩක් වටිනවා.මේක දිගටම කරගෙන යන්න.ජය වේවා.

    ReplyDelete
  2. Waww.....it's a goodddd....thanks for u buddi ayya... Digatama karan yanna godak watinawa....all the best your job....

    ReplyDelete