Sunday, July 17, 2016

ගල් යුගයෙන් ඩිජිටල් යුගයට... 02



ඡායාරූපයේ ඉතිහාසය

ක්‍රි.. 1010 දී අරාබි ජාතික අල් හසන් නම් පඩිවරයෙක් සියුම් සිදුරක් සහිත අදුරු කුටියක්‌ නිපදවා එය සිදුරු කැමරාව (Pinhole Camera ) ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා ක්‍රි... 1270 එය කැමරා ඔබ්ස්කියුරාලෙස වර්ධනය කර භාවිතයට ගෙන තිබෙනවා . ඒ අවධියේ මේ උපකරණය භාවිතා කර තිබුනේ ලෙනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ, රෆායල් බඳු චිත්‍ර ශිල්පීන්. ඔවුන් අලංකාර භූමි දර්ශන නිර්මාණය සදහා කැමරා ඔබ්ස්කියුරාවේ උපකාරය ලබාගත්තා.


කැමරා ඔබ්ස්කියුරා වේ තිරය මතට වැටෙන ප්‍රතිබිම්බය ඒ අයුරින්ම ස්ථාවරව රඳවා ගැනීමේ ක්‍රමයක් සොයාගැනීම ඡයාරූප කරණයේ බිහිවීම ලෙස සලකන්න පුළුවන්.
ක්‍රි..1826 ප්‍රංශ ජාතික ජෝශප් නිසිපෝ නිප්සේ  ලොව මුල්ම ඡායාරූපය බිහිකරනවා. ඒ සඳහා ඔහු පැය 8 ක තරම් දිගු අනාවරණ කාලයක් ගත කල බව සඳහන් වෙනවා.
අනාවරණ කාලය අඩු කර ගැනීම , ප්‍රතිබිම්භය සටහන් කරගන්නා මාධ්‍යයේ තත්වය දියුණු කිරීම , උපකරණයේ  යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම, ආදිය සඳහා තවදුරත් පර්යේෂණ සිදු වෙනවා.  

                                                                                                          ජෝශප් නිසිපෝ නිප්සේ




සිනමාවේ බිහිවීම


ක්‍රි..1872 කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා, දිවයන  අශ්වයෙකුගේ පාද 4 එක්තරා මොහොතක පොළොවෙන් ඉහළ අවකාශයේ රැදෙන බවට අශ්ව හිමියෙකු සමග වාදයක පටලවෙනවා. එය කෙලවර වන්නේ ඔට්ටුවකින්. තම මතය නිවැරදි බව සනාථ කරන්නට ආණ්ඩුකාරවරයා සහය ලබාගන්නේ (Eadweard Muybridge) එඩ්වර්ඩ් මයිබ්‍රිජ්  නම් ඡායාරූප ශිල්පියා  ගෙන් . මයිබ්‍රිජ්  ඒ සදහා ක්‍රි.. 1877  දක්වා විවිධ පර්යේෂණ වල නිරත වෙනවා.

මයිබ්‍රිජ් ධාවන පථයේ එක්පසෙක, එකිනෙකට ආසන්නව ඡායාරූප කැමරා 12ක් සවිකර කැමරාව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රනයට සම්භන්ධ කළ නූල් ධාවන පථය හරහා අදිනවා. අශ්වයා දුවන විට එක් එක් නූල්පට කැඩී ගොස් ඒ ඒ අවස්ථාවේ ඡායාරූප යක් කැමරාවේ සටහන් වෙනවා.


(ආණ්ඩුකාර වරයා ඔට්ටුවෙන් දිනනවා ! එක් අවස්ථාවක අශ්වයාගේ පාද ම පොළොවෙන් ඉහළ අවකාශයේ රැදී තිබෙනවා.)

කැමරා 12හි ඡායාරූප එක පෙළක තබා බැලූකල  අඛන්ඩ  චලනයක අවස්ථා දකින්නට ලැබෙනවා .සිනමා කරණය බිවීමේ ආසන්නම සහ වඩාත්ම බලපාන ලද සිදුවීම එය බව කිව හැකියි






සිනමා කැමරාව

ක්‍රි.. 1888 දී ඇමෙරිකානු ජාතික ඉංජිනේරු වරයෙකු වූ තෝමස් අල්වා එඩිසන් චලන චිත්‍ර කැමරාවක් නිෂ්පාදනය කල බව සදහන් වෙනවා. එය එවකට කිනෙටෝග්රාෆ් 
( Kinetograph) නමින් නම් කෙරුණා(ඒ පිලිබඳ විවිධ මත වාද පවතිනවා.සියලු නව සොයාගැනීම් එඩිසන් ගේ රසායනාගාර සහායකයින් සිදුකරනු ලැබූ බවත් එඩිසන් ඒවා තම නමින් ලියාපදිංචි කර වෙළඳ අයිතිය ලබාගත් බවටත් එක් මතයක් පවතිනවා.)






ක්‍රි.. 1889 මැයි මාසයේ ඇමෙරිකාවේ නිව්ජර්සි හි පිහිටි එඩිසන් පරීක්ෂණාගාරයෙදී ඔහු මෙම කැමරාව ක්‍රියාත්මක කර පෙන්වා තිබෙනවා.මේ සඳහා මි.මී.35 ප්‍රමාණයේ මීටර් 15 ක් දිග සෙලියුලොයිඩ් පටල පටයක් භාවිතා කල බව සදහන් වෙ නවා .වේගය තත්පරයට රූප රාමු 48 ක් .

කිනොටෝග්රාෆ් යන්ත්‍රයෙන් රූපගත කළ දර්ශන නැරබීම සඳහා කිනෙටෝස්කොප් නම් යන්ත්‍රයක් භාවිතා කර තිබෙනවා. නමුත් එය චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රය තරම් දියුණු එකක් නෙමෙයි. චිත්‍රපට මාධ්‍ය පිලිබඳ ඊලග පියවර ඇරබෙන්නේ  චිත්‍රපටය තිරයක් මතට ප්‍රක්ෂේපනය කිරීමේ සිද්ධාන්තය සොයාගැනීමත් සමග.

ක්‍රි.. 1895 දී  ප්‍රංස ජාතික අවුගුස්ත් ලුමියේර් සහ ලුවී ලුමියේර් ( Lumiere Brothers ) සිනමාකරණයේ ඊලග අවධිය සනිටුහන් කරනවා . ඔවුන් නිපදවූ සිනමා කැමරාව සිනේමොටෝ ග්රාෆ් ( Cinematograph)   නමින් හදුන්වනවා .




ක්‍රි.. 1885.02.13 දින ලුමියේර් සහෝදර වරුන් ඒ සඳහා වෙළද බලපත්‍ර ලබාගන්නවා. ඔවුන් ගේ චිත්‍රපට ක්‍රි.. 1896 වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා.





එඩ්වින් එස්. පෝටර්, ඩේවිඩ් වෝක් ග්‍රිපිත්, සර්ජි එම්. අයිසන්ස්ටයින්, චාලි චැප්ලින් වැනි අය සිනමාවේ ජීවගුණය වර්ධනය කරන්නටත් , එහි රූපමය සාහිත්‍ය ගොඩනගන්න ටත් දායක වී තිබෙනවා

රූප රචනය  , සංස්කරණය, වැඩසහන් නිෂ්පාදනය  පිලිබඳ න්‍යායන් සහ ක්‍රම වේදයන් බොහෝමයක්  සදහා රූපවාහිනියට පූර්වාදර්ශ සපයන්නේ සිනමාව.


නමුත් තාක්ෂණික ස්වරූපය අතින් නම්  රූපවාහිනිය වඩාත් ලං වන්නේ  ගුවන්විදුලිය. ශබ්ධය (Sound) මයික්‍රෆෝනය මගින්   විදුලිය (Electric)  බවට හරවා  රැහැන් රහිතව සම්ප්‍රේෂණය කිරීමත්, එය නැවත ශබ්ධය  බවට ප්‍රතිනිෂ්පාදනය කිරීමත්  ගුවන්විදුලි තාක්ෂණය ලෙස හදුන්වන්නට පුළුවන්.


Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

No comments:

Post a Comment