ආලෝකයෙන් විදුලිය .....
ආලෝකය නොමිලේ ලැබෙනවා. හැබැයි විදුලියට ගෙවන්න වෙනවා. ඉර - මම දන්න කාටවත් " රතු බිලක් " එවපු බවට ආරංචියක් තවම නෑ.... කොහොම නමුත් මේ මුදලක් අතට ගන්න පුළුවන් අලුත් විදිහක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙමනම් ඉතිං අපරාදේ මේක කියවන්න ගන්න කාලේ...මේ වීඩියෝ කැමරාවේ ක්‍රියා කාරත්වය ගැන පොඩියට කරන පැහැදිලි
කිරීමක්...
ඕනෑම වර්ගයක කැමරාවක් මුළුමන්නින්ම අදුරු කාමරයක්. ආලෝකය ඇතුල්වීම සඳහා ඒ සැමෙකකම එක් පසෙක කුඩා සිදුරක් තබා තිබෙනවා. ඊට ප්‍රති විරුද්ධ පැත්තේ සිදුරෙන් එන ආලෝකයට එල්ල කරලා ආලෝක සංවේදී “ යමක් ” තබා තිබෙනවා. හරියටම ආලෝකයේ තියුණු පිලිබිබුවක් සෑදෙන ස්ථානයේ.( ඒ කොන්දේසි කිහිපය සපුරන උපකරණය ට කැමරාව කිව්වට වරදක් නෑ... )
ආලෝකය වෙනුවට පාරජම්බුල කිරණ , උෂ්ණත්වය වැනිදේට සංවේදී කැමරා ද තිබෙනවා .
ආලෝක සංවේදී තලයේ තබා ඇති
“ යම් දෙය ” හි ක්‍රියාකාරිත්වය අනුව කැමරාව විවිධ නම්
ලබනවා. එය ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය තවරන ලද පටල කැබැල්ලක් තැබූ එකක් නම් ඡායාරූප
කැමරාවක්. ධාවනය කල හැකි පටියක් සහිත නම් චලන චිත්‍ර හෝ චිත්‍රපට කැමරාවක්...වීඩියෝ කැමරාවේ දී නම් එසේ තබා තිබෙන්නේ ආලෝකය - ඊට ප්‍රතිසම විදුලියක් බවට හැරවියහැකි
උපකරණයක්. (නො එසේ නම් ආලෝකය විදුලිය බවට හැරවියහැකි උපකරණය තැබූ කැමරාව වීඩියෝ
කැමරාව වේ ..!! )
වීඩියෝ කැමරාවේ මේ ස්වරූපය
බොහෝදුරට ඇසේ ක්‍රියාකාරිත්වයට සමාන බව කිව හැකියි.
ඇස...
ආලෝකය විදුලිය බවට පත් කර
ගන්නේ ...?
01.
විකාශනය සඳහා
02.
ගබඩා කර තබා ගැනීම සඳහා
03.
වෙනස් කර ගැනීම සඳහා
01. ආලෝකය ඒ අයුරින්ම
තැනකින් තව තැනකට විකාශනය කල නොහැකියි. (රැහැන් සහිතව උනත් බෑ ) නමුත් එම ආලෝකය ඊට
අනුරූප විදුලියක් බවට පත් කරගත්තාම පහසුවෙන් පුළුවන්.
02. ආලෝකය එය ලෙසින්ම
ගබඩා කර තබා ගත නොහැකියි.
(ඡායාරූප කරණයේදී ආලෝකය, අදුර සහ වර්ණ රසායනික ප්‍රතික්‍රියා ලෙස සැලෝලයිඩ් පටි මත
ගබඩා කර තැබුණා )
ආලෝකය විදුලිය බවට
පත් කරාම ගබඩා කර තබා ගැණීම වඩා පහසුයි-
විවිධයි .
03. ආලෝකය විදුලිය බවට
පත්කර ගැනීමෙන් එය පහසුවෙන් වෙනස් කිරීම් වලට ලක් කරන්නට හැකියි. උදාහරණයක් අවශ්‍ය
නම් - සංස්කරණය , ප්‍රයෝග ( Effects
) එකතු කිරීම වැනි දේ... රසායනික පටල පටි භාවිතා කරන සිනමාවේ දී වියකුම ,
ආලෝකමත් වීම වගේ ප්‍රයෝග යෙදීම වුවත් සංකීර්ණයි. ...(ඊට වඩා සංකීර්ණ ද මංදා ඔය වචන
. වියකුම = Fade out ආලෝකමත් වීම = Fade in )
පිළිබිඹුව විදුලිය බවට
පත් කරන්නේ කෙසේද ?
එය පැහැදිලි කරගන්න නම් X-Y පාඩම පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා. එතකොට ඒක පැහැදිලි කමට ටිකක් පහසුයි.
රූපයේ එක් පැත්තක 1,2,3
පේලිත් , අනෙක් පැත්තේ A,B,C තීරුත්
තිබෙනවා.( ඉස්කෝලේ ගණිතය පාඩමේ 1,2,3 පැත්ත Y අක්ශයත් A,B,C – X අක්ෂයත් ලෙස නම්
කළා ...)
දැන් එහි එක් එක් කොටුවක්
මෙසේ නම් කලහැකියි.
3A 3B 3C
2A 2B 2C
1A 1B 1C
වීඩියෝ කැමරා වේ රූප
සංවේදකය මත දීත් මෙවැනි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. (සංවේදකය මත වැටෙන පිළිබිඹුව කුඩා කොටස් ලෙස ගෙන ආලෝකය ඇති-නැති බව සලකා බැලීම) . තේරෙන
භාෂාවෙන් නම් ඊට රූපය scan කිරීම කියනවා...එතකොට
ආලෝකය ඊට ප්‍රතිසම විදුලිය බවට හැරවීම....?
නැවත කොටු පාඩම , ඒමත
වැටුණු ආලෝක පිලිබිබුවක් සමඟ.
රූපයේ කහ පැහැය ආලෝකය
වැටුණු තැන්. ඉතින් අපි ඒක scan කරමු.
3A - මොකුත් නෑ
3B - තියනවා
3C - මොකුත් නෑ
2A - තියනවා
2B - තියනවා
2C - තියනවා
1A - මොකුත් නෑ
1B - තියනවා
1C - මොකුත් නෑ
වීඩියෝ කැමරාවේ දීත් හරියටම ඔය පිළිවෙලට රූපය scan කරනවා. එක දිගට , නොකැඩුණු signal එකක් ලෙස.
වීඩියෝ කැමරාවේ රූප
සංවේදකය
මෙතනින් එහාට පනින්න ටිකක් පරණ කතාවක් මතක් කරගන්න වෙනවා . රූපවාහිනී
ඉතිහාසය ගැන හොයා බලපු “ ගල් යුගයෙන් ඩිජිටල් යුගයට - 04 ’’ දී සෙලේනියම් මූලද්‍රව්‍යයේ
ප්‍රකාශ සන්නායකතාව පිලිබඳ කතා කළා. එහි යනවනම් මෙන්න link එක.
සෙලේනියම් ආලෝක සංවේදී
මූලද්‍රව්‍යක් . ආලෝකය ඇති තැන්වල එහි ප්‍රතිරෝධය අඩුයි. නැති තැන්වල ප්‍රතිරෝධය
වැඩියි. දැන් අපිට පුළුවන් 4 වෙනි රූපයේ එක් එක් කොටුවක් තුළ සෙලේනියම් කොටස
බැගින් තබන්න. ඊළගට ඊට විදුලි සැපයුමක් ලබාදී (input) එහි ප්‍රතිදානය (output) පරික්ෂා කරන්න. එය හරියටම 3A සිට 1C දක්වා ඇති තියනවා, මොකුත් නෑ රටාවම වේවි.
(පසුව වීඩියෝ කැමරාවේ ආලෝයට
ප්‍රතිසම විදුලිය ප්‍රතිධානය කර ගන්නට සෙලේනියම් වෙනුවට වෙනත් ද්‍රව්‍ය - උපක්‍රම
- උපකරණ භාවිතා කළා )
කැතෝඩ කිරණ නළය ඉන් එක්
උපකරණයක්....
No comments:
Post a Comment