ගුවන්විදුලිය
ආදී ග්‍රීකයෝ කහපාට දුම්මල වැනි ද්‍රව්‍යක්
රෙදි කැබැල්ලක ඇතිල්ලීම මගින් කුඩා ආලෝකයක් තාවකාලිකව නිපදවා ගත හැකි බව දැනගන්නවා
.
ඒ ඔස්සේ සිදුවන විවිධ පර්යේෂණ මගින් ඉන් සියවස් ගණනාවකට පසු යන්ත්‍ර ආධාරයෙන් ස්ථිතිකව විදුලිය නිපදවා ගන්නා අයුරු යුරෝපීය විද්‍යාඥයෝ සොයාගන්නවා. ඊ ලග අභියෝගය වන්නේ නිපදවා ගත් විදුලිය විවිධ ප්‍රයෝජනයන් සදහා යොදාගන්නට ගබඩා කර තබා ගැනීමේ ක්‍රමයක් සොයාගැනීම. ඒ සඳහා වෙහෙස වුනු විද්‍යාඥ වරයෙක් ලෙස බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පිළිබඳ සදහන් වෙනවා. ක්‍රි.ව. 1800 පමණ ඉතාලි ජාතික එල්සෙන්ද්‍රෝ වෝල්ටා, බැටරි වල විදුලිය ගබඩා කර තබා ගැනීමේ තාක්ෂණය හදුන්වා දෙනවා.
විදුලි බලය පිලිබඳ තරමක විස්තරයක් සපයන්නට හේතු වූයේ රේඩියෝ තාක්ෂණයේ සොයාගැනීම් සඳහා විදුලි බලය සොයා ගැනීම සහ අවශ්‍ය අවස්ථා වල භාවිතය සදහා එය ගබඩා කර තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වූ නිසයි .
ගුවන්විදුලිය බිවීමට බලපාන ලද අතිශයින්ම ආසන්න කරුණ ලෙස දුරකතනය බිහිවීම
සලකන්නට හැකියි.
දුරකථනය බිහි වන්නට පෙර එනම් ක්‍රි.ව. 1819 පමණ හාන්ස් ක්‍රිස්ටියන් ඔරිටඩ් , කම්බියක් ඔස්සේ විද්‍යුත් ස්පන්දන (Pulse) ප්‍රමාණවත් දුරක් ගෙන යාහැකි බවසොයා ගන්නවා. මේ ස්පන්දන වලට කම්බියේ අනික් කෙලවරේ සවිකර තිබෙන කාන්දම් සහිත ඉදිකටුවක් චලනය කිරීමට හැකි බවත් හදුනා ගන්නවා.
ක්‍රි.ව. 1844 වන විට සැමුවෙල් එෆ්.බී. මෝස් එම සොයාගැනීම තවදුරත් වර්ධනය කරමින් මෝස් සංඥා ක්‍රමය බිහිකරනවා. මෝස් සංඥා ක්‍රමයේ භාවිතා වුණු විද්‍යුත් ස්පන්දන මගින් ඉදිකටුව සෙලවීමේ යාන්ත්‍රණයේ වැඩිදියුණු අවස්ථාවක් ලෙස මයික්‍රෆෝනය සහ ස්පීකරය හැදින්විය හැකියි.
ඒ ඔස්සේ සිදුවන විවිධ පර්යේෂණ මගින් ඉන් සියවස් ගණනාවකට පසු යන්ත්‍ර ආධාරයෙන් ස්ථිතිකව විදුලිය නිපදවා ගන්නා අයුරු යුරෝපීය විද්‍යාඥයෝ සොයාගන්නවා. ඊ ලග අභියෝගය වන්නේ නිපදවා ගත් විදුලිය විවිධ ප්‍රයෝජනයන් සදහා යොදාගන්නට ගබඩා කර තබා ගැනීමේ ක්‍රමයක් සොයාගැනීම. ඒ සඳහා වෙහෙස වුනු විද්‍යාඥ වරයෙක් ලෙස බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පිළිබඳ සදහන් වෙනවා. ක්‍රි.ව. 1800 පමණ ඉතාලි ජාතික එල්සෙන්ද්‍රෝ වෝල්ටා, බැටරි වල විදුලිය ගබඩා කර තබා ගැනීමේ තාක්ෂණය හදුන්වා දෙනවා.
විදුලි බලය පිලිබඳ තරමක විස්තරයක් සපයන්නට හේතු වූයේ රේඩියෝ තාක්ෂණයේ සොයාගැනීම් සඳහා විදුලි බලය සොයා ගැනීම සහ අවශ්‍ය අවස්ථා වල භාවිතය සදහා එය ගබඩා කර තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වූ නිසයි .
දුරකථනය
මිනිස් කටහඩ කම්බි ඔස්සේ තැනකින් - තැනකට යැවීමට ගත්
උත්සාහයේ ප්‍රතිඵලය දුරකථනයයි. එහි ඇති මයික්‍රෆෝනය මගින් කටහඩට
සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ විදුලියක් නිපද වෙනවා . එම
විදුලිය කම්ම්බි ඔස්සේ අනෙක්පස තිබෙන දුරකතය වෙත ගෙන යනවා . එහි
ස්පීකරය
මගින් එම විදුලිය යලි හඩ බවට පත්වී අවකාශයට මුදා හැරෙනවා.
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
ඊට අදාළ ක්‍රියාවලිය සිදුවන ආකාරය සොයා
පහදා ගැනීමේ ප්‍රතිපලය ලෙස දුරකතය බිහි වනවා . ඒ සඳහා වෙහෙස වුනු විද්‍යාඥයින්
ලෙස ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් සහ තෝමස් අල්වා එඩිසන්
ඉතිහාස ගතව සිටිනවා. ග්‍රැහැම්බෙල්, ක්‍රි.ව. 1876 මාර්තු 07 දින සිය සොයාගැනීම වූ දුරකතය සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේදී පේටන්ට් බලපත්
අයිතිය ලබා ගත් බව සදහන් වෙනවා.
දුරකථනය බිහි වන්නට පෙර එනම් ක්‍රි.ව. 1819 පමණ හාන්ස් ක්‍රිස්ටියන් ඔරිටඩ් , කම්බියක් ඔස්සේ විද්‍යුත් ස්පන්දන (Pulse) ප්‍රමාණවත් දුරක් ගෙන යාහැකි බවසොයා ගන්නවා. මේ ස්පන්දන වලට කම්බියේ අනික් කෙලවරේ සවිකර තිබෙන කාන්දම් සහිත ඉදිකටුවක් චලනය කිරීමට හැකි බවත් හදුනා ගන්නවා.
ක්‍රි.ව. 1844 වන විට සැමුවෙල් එෆ්.බී. මෝස් එම සොයාගැනීම තවදුරත් වර්ධනය කරමින් මෝස් සංඥා ක්‍රමය බිහිකරනවා. මෝස් සංඥා ක්‍රමයේ භාවිතා වුණු විද්‍යුත් ස්පන්දන මගින් ඉදිකටුව සෙලවීමේ යාන්ත්‍රණයේ වැඩිදියුණු අවස්ථාවක් ලෙස මයික්‍රෆෝනය සහ ස්පීකරය හැදින්විය හැකියි.
ගුවන්විදුලිය.
විද්‍යුත් චුම්භක තරංග මගින් සංඥාවක් අවකාශයක් හරහා සම්ප්‍රේෂණය කළහැකි
බවට අදහස මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ
ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් නම් අයෙක් ක්‍රි.ව. 1873 දී පමණ. ඔහු සිදු කල පර්යේෂණ
මගින් ශබ්ධය විද්‍යුත් ශක්තිය බවට හරවා එය එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව
තහවුරු කෙරෙනවා.ඒ සොයාගැනීම එතෙක්
කම්බියේ දුරට සීමාවුණු පණිවිඩ සන්නිවේදනය ඉන් මිදී , අවකාශය තුල විද්‍යුත්
චුම්භක තරංග ලෙස ගමන් කිරීමේ ගමන අරබනවා. ක්‍රි.ව. 1888
ජර්මන් ජාතික හයින්රික් රුඩොල්ෆ්
හර්ට්ස් සිය පර්යේෂණ තුලින් විද්‍යුත්
චුම්භක තරංග නිපදවීමට හා එය ග්‍රහණය කරගන්නට ඇති හැකියාව ලොවට හෙළි කරනවා.මේ
පිළිබඳව අතිශයින් උනන්දු වන රටවල් රාශියක සිදු කෙරෙන පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1897 දී ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි විද්‍යුත් තරංග නිපදවන්නට හා එය ග්‍රහණය
කරන්නට හැකි යන්ත්‍රය නිපදවන්නට සමත් වෙනවා.
මුලින්ම මෙම රැහැන් රහිත උපකරණය මගින් තිත් සහ ඉරි සහිත පණිවිඩ සැතපුමක්
දුරට යැවූ බව සදහන් වනවා. ඒ ලොව මුල්ම ටෙලිග්‍රාෆ්
යන්ත්‍රය.
http://atlantic-cable.com
එහි ඊලග පියවර වූයේ ගුවන්විදුලිය ඔස්සේ
මිනිස් කටහඩ විකාශනය කිරීමයි. ආයෝජකයෝ
සහ විද්‍යාඥයෝ විශාල පිරිසක් මේ කටයුත්ත සදහා උනන්දු වනවා. මුලින්ම
සරුන්ගලයක ආධාරයෙන් ඉහල නංවන ලද ට්‍රාන්ස්මීටරයක් මගින් කොන්වෝල් සිට නිවු
පවුන්ඩ්ලන්ත්ය දක්වා පණිවිඩ යැවීමට මාකෝනි සමත් වනවා. ක්‍රි.ව. 1906
දෙසැම්බර් 24 වෙනිදා (ඇතම් ලේඛන වල එය දෙසැම්බර් 25 ලෙස සටහන්ව තිබෙනවා) ඇමෙරිකාවේ මැසචුසෙට් හි බෑන්ක් රොක්ස් නම් ස්ථානයේ සිට ප්‍රථම
සාර්ථක ගුවන්විදුලි විකාශනය සිදුවනවා.
No comments:
Post a Comment