රූපවාහිනිය
ග්‍රීක සහ ලතින් වචන දෙකක් එක්වීමෙන්
ටෙලිවිෂන් යන වචනය සැදී ඇති බවයි සදහන් වෙන්නේ
. “ටෙලි” යන ග්‍රීක වචනයේ අරුත දුර යන්න සහ “විසියෝ” යන ලතින් වචනයෙන් දැක්ම හෝ දෘෂ්ටිය යන්න අරුත ප්‍රකාශ වෙනවා.ඒ අනුව දුරට පෙනෙන දෘෂ්ටිය
යන අරුත ඊට ගත හැකියි.
ආලෝකය
ඊට සාපේක්ෂ විදුලිය බවට පත්කලාම එය හැදින්වෙන්නේ වීඩියෝ නමින්.ඒ
අනුව වීඩියෝ කැමරාවේ දර්ශන තිරය හා සම්බන්ධ රූප
සංවේදකය (Sensor) මත පතිතවන ආලෝකය ඊට සාපේක්ෂ සියුම් විදුලි ධාරාවක් ලෙස පිටතට
ගන්නවා.එය විද්‍යුත් චුම්භක තරංග ආකාරයෙන් සම්ප්‍රේෂණය (Transmit) කර රූපවාහිනිය තුලදී යළි ආලෝකය බවට හරවනවා. රූපවාහිනියේ අති සංකීර්ණ ක්‍රියාවලිය ඉතා සරළව එසේ පැහැදිලි කල හැකියි.
තාක්‍ෂණය පැත්තෙන් සලකාබලන කෙනෙකුට ඉතිහාසය තුළ රූපවාහිනියේ ආකාර දෙකක් හදුනාගත හැකියි. පළමුවැන්න විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනිය. දෙවැන්න ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය වශයෙන්.
රූපවාහිනියේ
ඉතිහාසය
විලෝග්බි ස්මිත් විසින් සෙලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ
සන්නායකතාවය ක්‍රි .ව. 1873 දී සොයා ගන්නවා. (සෙලේනියම් ආලෝක සංවේදී මූලද්‍රව්‍යයක් . ආලෝකය වැටීමේදී එහි ප්‍රතිරෝධය
වෙනස් කරන්නට මේ මූලද්‍රව්‍ය සමත් - ( ඉදිරි දිනක ලියවෙන වීඩියෝ කැමරාවේ තාක්‍ෂණය පිලිබඳ සටහනකින් මේ ගැන වැඩිදුර පැහැදිලි වෙනු ඇති )
ක්‍රි .ව. 1884 දී ජර්මන් ජාතික පෝල්ගොට්ටිලෙබ් නිප්කෝව් විසින් පිරික්සුම් තැටිය (scanning
disk) හා ක්‍රි .ව. 1927 දී ෆිලියෝ ෆාර්න්ස්වර්ත‍් රූප විච්ඡේදකය (image
dissector) සොයාගැනීම යන සොයාගැනීම් ත්‍රිත්වය රූපවාහිනිය බිහිවීමට වඩාත් බලපෑ සාධක
යි.
නිප්කෝව්
විසින් රූපය කුඩා කොටස් බවට පත්කර ගැණීමට අදාළ යාන්ත්‍රණය සොයාගන්නවා. එසේ රූප කුඩා කොටස්
බවට විභේදනය කිරීම පික්සල් ගතකරණය ( Rasterizer ) ලෙස හදුන්වනවා. නිප්කෝව්ගේ
උපකරණය කරකැවෙන තැටියක් ආශ්‍රයෙන් නිර්මාණය කරණ ලද්දක්. එමගින් රූපයට සාපේක්ෂ සියුම් විදුලි ධාරාව නිෂ්පාදනය සදහා රූපය කුඩා කොටස්
බවට වෙන්කිරීමේ කාර්ය කරගත හැකි වෙනවා.
එහෙත් එම
විදුලි ධාරාව සම්ප්‍රේෂණය කිරීමට තවත්
කාලයක් ගතවෙනවා. ඒ වෙනුවට
20 වැනි ශතවර්ෂයේ පළමු දශකය මුලදී, සෙලේනියම්
වල ප්‍රකාශ සන්නායකතාවය හා නිප්කෝච්ගේ පිරික්සුම් තැටිය භාවිතා කරමින් රැහැන්
ඔස්සේ ප්‍රවෘත්ති පත්‍ර වලට ඡායාරූප
යැවීම සිදුකර තිබෙන බව සදහන් වෙනවා.
වර්ෂ 1909 දී පැරිසියේ දී ජෝජස් රිග්නෝස් හා ඒ. ෆෝනියර් රැහැන්
රහිතව ඡායාරූප ක්ෂණිකව සම්ප්‍රේෂණය කර
පෙන්වන ලද බව සදහන් . එහිදී කරකැවෙන
කැඩපත සහිත බෙරයක් පිරික්සුම (scanner) ලෙසද, සෙලේනියම්
කෝෂ 64ක් සවිකළ අච්චුවක්
ග්‍රාහකය ලෙසද භාවිතකර තිබෙනවා. නමුත්
ඉන් ලැබෙන රූප එතරම් හොඳ තත්වයක තිබුනේ නෑ.
ක්‍රි .ව. 1911 දී බොරිස් රෝසින්ග් හා කොස්මා ස්වොරියිකින් කැතෝඩ කිරණ නාලය
මගින් රූප සම්ප්‍රේෂණය කරන රූපවාහිනි
පද්ධතියක් නිපදවනවා. ස්කෑනරයේ සංවේදිතාවය ප්‍රමාණවත් නොවු නිසා හා සෙලේනියම්
කෝෂය අවශ්‍ය තරම් වේගවත් නොවුණු නිසා පැහැදිලි චලනය වන රූප ලබාගැනීම තව දුරටත් කල්
ගත වුනා.
ස්කොට්ලන්ත
ජාතික විද්‍යාඥ වරයෙක් සහ ඉංජිනේරු වරයෙක් වන ජෝන් ලොගී බෙයාර්ඩ්
රූපවාහිනියේ නිර්මාණ කරුවා ලෙස ඉතිහාස ගතව සිටිනවා.
වර්ෂ 1923 මුල් භාගයේදී ඔහු ලෝකයේ ප්‍රථම ක්‍රියාකරන රූපවාහිනිය ලෙස හැදින්වෙන යන්ත්‍රය නිපද වීමට සමත් වෙනවා. එය ලංකාවෙන් යවන ලද තේ පෙට්ටියක් භාවිතා කරමින් එකලස් කරන ලද්දක් බවද සදහන්. වර්ෂ 1925 මාර්තු 25 දින ලන්ඩනයේ සෙල්ෆ්ජ් දෙපාර්තුමෙන්තුවේදී චලනය වන අදුරු රූප විකාශය කරමින්, බෙයාර්ඩ් අර්ධ යාන්ත්‍රික රූපවාහිනී පද්දතිය ක්‍රියාත්මක කර පෙන්වනවා. එම වසරේම ඔක්තෝබර් මාසයේදී කළු - සුදු සහ ඒ අතරමැද පැහැ අන්තරය සහිත රූපයක් විකාශනය කරන්නට බෙයාර්ඩ් සමත්වෙනවා.
වර්ෂ 1927 දී බෙයාඩ් ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ දක්වා සැතපුම් 458 ක දුර ප්‍රමාණයක් සංඥාවක් සම්ප්‍රේෂණය කරනවා. බෙයාර්ඩ් විද්‍යාඥ වරයෙක්, ඉංජිනේරු වරයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක් . සීමාසහිත බෙයාඩ් රූපවාහිනි සංවර්ධන සමාගම පිහිටුවන ඔහු , එම සමගම යටතේ වර්ෂ 1928 දී, අත්ලාන්තික් සාගරය හරහා ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා පළමු සම්ප්‍රේෂණය සිදුකරනවා . 1928 වසරේම ජුලි 03 දින ඔහු වර්ණ රූපවාහිනී විකාශය ද ඉදිරිපත් කල බව සඳහන් .
ඉලෙක්ට්‍රෝනික

වර්ෂ 1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් , ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නළ ආධාරයෙන්
ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පවත්වා තිබෙනවා .
කැතෝඩ කිරණ නලය මගින් ආලෝකයට සාපේක්ෂ විදුලි ධාරාව නිෂ්පාදය
කිරීම වඩා කාර්යක්ෂමයි. කැම්බල්
ගේ දේශණ යේදී ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය
සඳහා අදාළ වන බොහෝ කරුණු එළිදක්වන්නට ඇතයි සිතිය හැකියි.
වර්ෂ 1928 වන විට ෆලියෝ ෆාන්ස්වර්ත් රූප විභේදක තලයක් භාවිතා කරමින්
රූප පික්සල් ගතකරණය සිදු කරගන්නා මට්ටමට එය
වර්ධනය කර කරනවා. ක්‍රි .ව. 1929 වන විට රූපවාහිනියේ තිබු මෝටර් ආදි ආදී යාන්ත්‍රික
මෙවලම් ඉවත් කර යාන්ත්‍රික කොටස් රහිත
උපකරණයක් බවට රූපවාහිනිය පත්කරනවා.
ක්‍රි .ව. 1934 අගොස්තු 25 දින ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆලියෝ ෆාන්ස්වර්ත් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත් වූ බව සදහන්. එය රූපවාහිනී යන්ත්‍රය ගෘහස්ථ උපකරණයක් ලෙස ඉමහත්සේ ජනප්‍රිය වන්නටත්, පැරණි රූපවාහිනියේ සිට නූතන ටෙලිවිෂනය තෙක් ඉදිරි ගමනක් අරබන්නටත් මූලික පදනම සැපයුවා යයි සිතිය හැකියි.
ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය පසු කරගෙන ආපු මානවයා අද කථා කරන්නේ ස්මාර්ට් රූපවාහිනිය ගැන. හෙට එය තව කොපමණ නම් වෙනස් එකක් වේවිද ...?
No comments:
Post a Comment